අණ නොතැකූ ලොරියකට වෙඩි


අාඬිගම කීරියන්කල්ලිය මාර්ගයේ දේවාල හන්දියේ දී පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරියකට වෙඩි තබා නවතාගෙන එය පරීක්ෂා කිරීමේ දී ලොරියේ පිටුපස තරුණයකුගේ මළ සිරුරක් ගෙන යමින් තිබූ බව පොලිසිය පවසයි. විෂ ඇට වර්ගයක් කෑමෙන් අසාධ්‍ය වූ අයකු ගෙන යමින් සිටින බව ලොරියේ සිටි අයකු පවසා ඇතත් ඔහු ඒ වනවිටත් මියගොස් සිටියේය. ලොරියේ රියදුරා සුළු තුවාල ලැබූ බව ද පොලිසිය කියයි. පල්ලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.