අද 5 වැනි දිනයේ කැනීම් වලදී අඩි 25 ක් යටදී පිරිමි මළ සිරුරක් මතුවී යැයි කොස්ලන්ද මීරියබැද්දේ හමුදාව කියයි. යුධ, ගුවන් හා නාවික හමුදාද පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායද සහන සේවකයෝද කැනීම් කරගෙන යති. මින් මද වේලාවකට පෙර ඉබි යතුරු දැමූ පුංචි අල්මාරියක් ගොඩගෙන සීල් තබා පොලිසියට රැගෙන ගිය බව සහන සේවකයෝ කියති. පොලිස් ගණන් හිලව් අනුව සොයාගත් සිරුරු ගණන 6 කි.
තවත් අඩි 10 කට අඩු ගැඹුරකදී සිරුරු සොයාගත හැකි වෙතියි අනුමාන කරති.
පාලිත ආරියවංශ
සමන් පාලිත නානයක්කාර















