අට්ටාලය ගලවයි


පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පවත්වන විරෝධතාව සාමකාමීව නොපවත්වා මහජනයා පීඩාවට පත්වන අයුරින් කරන්නේ නම් ඔවුන් ඉවත් කැරන ලෙසත් පදික වේදිකාවේ ඉදිකළ අට්ටාලය ඉවත් කරන ලෙසත් මහේස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය අද (04) මරදාන පොලිසියට නියෝග කළාය.

පවුල් සෞඛ්‍ය සේවිකා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කුට අප්‍රේල් 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කැරිණි.