බාල අටපිරිකර නිශ්පාදන කරන්නන්ට එරෙහිව ලංකාවේ දැඩ් නීතී ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ නොවන්නේ නම් අටපිරිකර පුජා කිරීම නවතා දැමිය යුතු බවත් සියළු අටපිරිකර නිත්‍යනුකූල අවසරයෙන් එක් ස්ථානයක නිශ්පාදනය කිරිමට පියවර ගත යුතු බවත් උඩුගම ශ්‍රී බුද්ධරඛිත අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියෝ පැවසුහ.
අස්ගිරි පාර්ශවයේ මහා නායක හිම්යන් මේ බව පවසා සිටියේ දළදා වහන්සේට පුජාකැර ඇති බාල අටපිරිකර මාධ්‍යවේදීනට දිගහැර පෙන්වමිනි.
දළදා මාලිගාවේ තේවාව සිදු කරන ප්‍රධාන හිමිවරුන් වැඩ සිටින නිළ ආරාමයේදී අස්ගිරි මහා නායක හිමියන් වැඩි දුරටත් කියා සිටියේ මෙම බාල අටපිරිකර නිශ්පාදනය කූඨ වෙළෙදුන් අහිංසක බෞද්ධ ජනතාව ගසා කන බවයි.
දළදා මාලිගාවට ලැබෙන විනයානුකූල නොවන අටපිරිකර පෙට්ටි ගනණක් ඇති බව මහා නායක හිමියෝ කීය.
මීයන් විසින් කා දැමුණු සිවුරු කැබලි, කාඩ්බෝඩ් කැබලි ඇති බව මාධ්‍යවේදීන් හමුවේ පැවැසූ මහා නාහියන් එවැනි අටපිරිකර දිගහැර පෙන්වීය.
අටපිරිකරට අඩංගු දැලි පිහි වෙනුවට ඇත්තේ බ්‍රේලේඩ් කැබලි බවත් අදනකඩය සදහා ඉනේ බදින පටිය වෙනුවට ඇත්තේ කුඩා රෙදි කැබලි බවත් මහ නා හිමියෝ කීහ.