අජේ සමග කාජල් පාකිස්තානු නිළියන්ට එරෙහි වෙති


2016-10-16-ent-01

අජේ දේව්ගන් කාලයක පටන් තම රටෙහි චිත්‍රපට සඳහා විදෙස් නිළියන් දායක කර ගැනීමට විරුද්ධව කටයුතු කළේය. මේ වනවිට ඔහුගේ බිරිඳ වන ජනප්‍රිය නිළි කාජල්ද මේ සඳහා ඔහුට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී ඇති බව ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කර සිටියි. ඔවුහු කියා සිටින්නේ පාකිස්තාන නිළියන් තම රටේ සිනමා නිර්මාණ සඳහා දායක කර ගැනීම ඉන්දියානු සිනමාවට කරන අගෞරවයක් බවය.