අජේ වෙනුවෙන් 'කාජල්'


2016-09-26-ent-12

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු අජේ දේව්ගන්ගේ අලුත්ම චිත්‍රපටය වන "ශීවායි" ඔක්තෝබර් මස 28 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතව තිබේ. මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු මේ දිනවල ආරම්භ කර තිබෙන අතර, සිය සැමියාගේ චිත්‍රපටය වෙනුවෙන් කාජල්ද මේ සඳහා එක්ව තිබෙන බව සඳහන් වේ.

කාජල් මේ වනවිට සිය "ෆේස්බුක්" ගිණුම හරහා සිය රසික, රසිකාවියන් මේ චිත්‍රපටය පිළිබඳව දැනුම්වත් කරමින් සිටින අතර, පසුගිය සති අන්තයේදී ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ පිහිටි "ෆේස්බුක්" කාර්යාලයටද කාජල් පැමිණ එහි වි‍ශේෂ අවසරයක් මත සිය ප්‍රචාරක කටයුතු සිදු කරන්නටද අවසරගත් බව සඳහන්ව ඇත.

එමෙන්ම අජේ හා කාජල් දෙදෙනා සිය අලුත්ම චිත්‍රපටය වන %ශිවායි^ හි ප්‍රචාරක කටයුතු කිහිපයක් සඳහාද ඇමෙරිකාවේදී සහභාගී වීමට නියමිත බවද සඳහන් වේ.

 

2016-09-26-ent-11