අජාසත් පරපුරේ දියණිය මව කූඩු කරලා


මැද මහනුවර උඩතැන්න ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස සිර කර සිටි වයස 87 ක මවක් පොලිසියට ලැබුණු තොරතුරක් මත උඩුදුම්බර පොලිසිය අද (15) සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

වයස 51 ක් වයසැති එකම දියණිය විසින් ඉදිකරමින් පවතින මහල් නිවාසයේ බිම් මහලේ ඉටි කොළ වලින් ආවරණය කළ කූඩුවක් වැනි කොටසක එම මව සිර කර සිටි බව පොලිසිය පවසයි.

උඩුදුම්බර පොලිසිය එහි යන විට මවගේ ඇඟෙහි කිසිදු ඇඳුමක් නොතිබු බවත් රෙදි කැබැල්ලකින් පමණක් වසා සිටි බවත් උඩුදුම්බර පොලිසිය මගින් කළ මුලික පරික්ෂණ වලදි තහවුරු වි ඇත්තේ මවට කිසිදු සත්කාරයක් නොකර ආහාර පවා දින ගණනකින් ලබා දී නැති  බවත් ඒ වන විට මව කුෂ්ට රෝගයකින්ද පෙළෙමින් සිට ඇති බවත්ය.

මව ප්‍රතිකාර සඳහා මැද මහනුවර රෝහලට ඇතුළත් කර ඇත. අත් අඩංගුවට ගත් ඇගේ දියණිය අඟහරුවාදා (16) තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

hira-kala-amma-1 hira-kala-amma-2 hira-kala-amma-3 hira-kala-amma-4 hira-kala-amma-5