ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ක‍්‍රීඩක වෙන්දේසි ක‍්‍රමය හදුන්වා දුන් ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 (අයි. පී. එල්.) ක‍්‍රිකට් තරගාවලියේ මෙම වසරේ (2013) ක‍්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා පිට දඟ පන්දුයවන ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස් ඇමෙරිකානු ඩොලර් 725,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 900 ආසන්න මිලකට අළෙවි විය. මෙවර ක‍්‍රීඩක වෙන්දේසිය අද (03 වැනිදා) පැවැත්විණි.
මෙවර අයි. පී. එල්. වෙන්දේසියේදී දෙවැනි වැඩිම මිලට අළෙවි වූ ක‍්‍රීඩකයා බවට ද අජන්ත මෙන්ඩිස් පත්විය.
ඕස්ටේ‍්‍රලියානු නවක තුන් ඉරියව් ක‍්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් මෙවර වෙන්දේසියේදී වැඩිම මිලකට අළෙවි වූ ක‍්‍රීඩකයා බවට පත්වූ අතර මුම්බායි ඉන්දියන්ස් පිල විසින් ඔහුව ඩොලර් ලක්‍ෂ 10 කට (රුපියල් ලක්‍ෂ 1240 කට ආසන්න) මිලදී ගන්නා ලදි.
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා ඩොලර් 675,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 840 කට ආසන්න මිලකට සන්රයිසස් හයිද්‍රාබාද් පිල විසින් වෙන්කර ගන්නා ලදි. පිට දඟ පන්දුයවන සචිත‍්‍ර සේනානායක ඩොලර් 625,000 කට (රුපියල් ලක්‍ෂ 775 කට ආසන්න) කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එකතු විය.
ජීවන් මෙන්ඩිස්ට ඩොලර් 50,000 ක (රුපිල් ලක්‍ෂ 62) ද, යොවුන් ක‍්‍රීඩකයන් වන අකිල ධනංජයට සහ කුසල් ජනිත්ට ඩොලර් 20,000 (රුපියල් ලක්‍ෂ 25 කට ආසන්න) බැගින් නියම කෙරිණ.
අයි. පී. එල්. තරගාවලිය ලබන අපේ‍්‍රල් මස 3 වැනිදා ආරම්භ වීමට නියමිතය.
මෙවර වෙන්දේසියේදී අළෙවි වූ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ
ක‍්‍රීඩකයා මිල (ඇ.ඩො.)
අජන්ත මෙන්ඩිස් (පූනේ) 725,000
තිසර පෙරේරා (හයිද්‍රාබාත්) 675,000
සචිත‍්‍ර සේනානායක (කොල්කටා) 625,000
ජීවන් මෙන්ඩිස් (දිල්ලි) 50,000
අකිල ධනංජය (චෙන්නායි) 20,000
කුසල් ජනිත් (රාජස්ථාන්) 20,000