1998 දී යාපනය අච්චුවේලි හිදී වැසියන් දෙදෙනකු වෙඩිතබා ඝාතනය කර මරා දැමීයැයි සැකපිට අච්චුවේලි කඳවුරේ සෙබළුන් පස් දෙනකු ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් කළ යාපනය ප්‍රධාන මහේස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා උසාවි නොපැමිණි සෙබළු 10 දෙනකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේය.
කර්නල් වීරසිංහ, සාමාන්‍ය සෙබළුන් වන මංජුල සරත් පුෂ්පකුමාර, රම්බණ්ඩාගේ දොන් සුනිල්, ආරච්චිලගේ ප්‍රේමතිලක, විතානාරච්චිලගේ ප්‍රභාත් යන අය එසේ රිමාන්ඩ් කැරිණි.
නීතිපති උපදෙස් අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ ඔවුනට එරෙහිව නඩු පවරා ඇත.