අච්චුවේලි දෙදෙනකු අතුරුදන් කළැයි යුද හමුදාවේ 14ක් රිමාන්ඩ්


යාපනය, අච්චුවේලි  පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට දිරිපත් කළ  යුද හමුදා සාමාජිකයින් 14 දෙනෙකු ලබන  21 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස් සදීශ්කරන් මහතා අද නියෝග නියෝග කළේය.

1997 ඔක්තෝම්බර් 28 වැනිදා යාපනය,මද්දුවිල් උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්වරත්නම් ජෙයසීලන්   හා නාගමනි සෞන්දරරාජන්  අතුරුදහන් වීම සම්බන්ධයෙන් පැවැති පැමිණිලි විභාගයේ දී නීතිපති යුද හමුදාවට දැනුම් දී තිබුණේ මෙම සිදුවීමට සැක යැයි අනාවරණය වූ හමුදා සෙබළුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

1998 වසරේ අච්චුෙවිලි යුද හමුදා කඳවුරට  අනුයුක්තව සේවය කළ යුද  හමුදා සාමාජිකයෝ 16 දෙනෙක්මෙම අතුරුදන්වීමට සැකකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.   සෙසු යුද හමුදා සාමාජිකයන් දෙදෙනා මිය ගොස් ඇතැයි අධිකරණයේ දී කියැවිණි.