අචලාට වැලිකඩින් ලක්ෂ දෙක හමාරක්


වම් අත කපා ඉවත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන  කොළඹ නීතී සරසවි පිඨයේ අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාවට ක්‍රෘතීම අතක් ලබා  ගැනීම සදහාවැලිකඩ බන්ධනාගාර රැදවියෝ  අද දිවා හා රත්‍රි ආහාර වෙනුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වෙන් කළ දෙලක්ෂ තිස්පන්දහසකට ආසන්න  මුදල ඔවුන්ගේම දැඩි ඉල්ලීම මත පරිත්‍යාග කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්.කොඩ්ප්පිලි මහතා පැවසීය. එම මුදලට අදාල චෙක්පත කොමසාරිස්වරයා අචලා ශිෂ්‍යාවගේ පියාට හා සොහොයුරාට අද වැලිකඩ දී පිරි නැමීය. ‘‘සිරකරුවොත් මනුෂ්‍යයෝය‘‘ යන පාඨයට කදිම නිදසුනක් ලෙස මෙම සත්කාරය සැක නැති  බව බන්ධනාගාර කොමසාරිස්වරයා කීවේය.