අඟුණකොලේ පිරිසකට සති දෙකකින් වතුර නෑ


(චන්ද්‍රසේන ගමගේ)

අඟුණකොළපෑලැස්ස දහඅමුණ ප්‍රදේශයට සති දෙකකින් පමණ පානීය ජලය නොලැබීමට විරෝධය පළකරමින් දහඅමුණ ප්‍රදේශීවාසීහු ජලසම්පත් මණ්ඩලයට අයත් වකමුල්ල ජල පොම්පාගාර කාර්යාලයට කඩා වැදී බීමට ජලය ඉල්ලා විරෝධයක නිරත වූහ.

දහඅමුණ ප්‍රදේශවාසීහු සියයකට ආසන්න පිරිසක් අද දහවල් වීරකැටිය දහඅමුනේ පිහිටි ජල පොම්මාගාරය මෙසේ වැටලූහ. 

බීමට ජලය නොමැතිව දුක් විඳින ගම්වාසීහු මෙසේ කීහ.   සති දෙකක පමණ සිටි අපිට වතුරු එන්නේ නෑ. ඇලවල්වල ජලය නවත්වලා.

ගමේ තිබුණු එකම නළ ළිදත් කැඩී ගිහිල්ලා. වැසිකිලියට යන්නවත් අපට වතුරු නැහැ.  

දහඅමුණේ ජනතාව මැදිහත් වී කාණු කපල තමයි දහඅමුණේ ප්‍රජා ජල ව්‍යාපෘතිය ආරම්භ කළේ. 

පසුව එම ජල යෝජනා ක්‍රමය ආණ්ඩුවට පවර ගත්තා. දැන් අපිට බොන්න වතුර නෑ.දරුවන් කියනවා බොන්න වතුරු නැති නිසා ගම අතහැරල යමු කියලා.  සිංහල අලුත් අවුරුද්දට අපේ ගෙවල්වල කිසිම දෙයක් නෑ. දැන් බොන්නවත් වතුර නැහැ.

ජල පොම්පාගාරයේ නිළධාරීන් පවසන්නේ අධික ලෙස රොන්මඩ පිරීම නිසා ජලය පිරිසිදු කර ගැනීම ප්‍රශ්නයක්ව පවතින බවයි. ජල පොම්පා ගාරයේ තියෙන අඩුපාඩු අපේ ඉහල නිළධාරීන්ට දන්වා තිබෙනවා.ජලය ලබා ගන්න නව පොම්පාගාරයක් ගහන්න සැලසුම් හැදුවා. නමුත් එම ව්‍යාපෘති අතර මඟ නැවතුනා.නිළධාරීන් ගේ මට්ටමින් විසදා ගැනීමට නොහැකි ගැටළු රැසක් ජල පොම්පා ගාරයේ තිබෙනවා.අපිත් අසරණ වෙලා ඉන්නේ යැයි ජල පොම්පා ගාරයේ නිළධාරීහු පවසති.