බැංකු සේවකයන් හැර අනෙක් සියලු වෘත්තීය සමිති අඟහරුවාදා (15) දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනයට එක් නොවන බව කියති.
බැංකු සේවක සංගමය සිදුකිරීමට නියමිත වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටවූ බවට මෙතෙක් නිවේදනය කර නැත. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික සියලු බැංකු සේවකයන් අඟහරුවාදා වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසෙන බව කියති.
ලංකා පෞද්ගලික බස් සංගමය, දුම්රිය සේවක සංගමය ඇතුළු අනෙකුත් වෘත්තීය සමිති වැඩ වර්ජන ක්‍රියාවලියෙන් ඉවත් වීමට අද තීරණය කළේය.

