අඟල් 4ක මදු‍රුවෙක් ගලේවෙල


ගලේවෙල මොරගොල්ලාගම රොටවැව  පදිංචි එම් ආර් පී ශාන්ත බණ්ඩාර මහතාගේ නිවසේ ඩෙංගු මදුරුවාගේ හැඩ රුවට සමාන විශාල මදුරුවකු දුටු බව කියයි.

 අගල් හතරක පමණ දිගැති  මෙවැනි මදුරුවකු මීට පෙර දැක නැතැයිද ශාන්ත මහතා පැවසීය.

තමන් මෙම මදුරුවා පිළිබදව ගලේවෙල  ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය සේවා කාර්යාලයයේ මදුරුකීට අංශයේ නිලධාරීන්ට දන්වා යැවුවද කිසිදු නිලධරයකු අද පස්වරු 2 පමණ වන විටත් නොපැමිණි බවද සදහන් කළේය.

මදුරුවා ආරක්ෂිතව සියනිවසේ තබා ඇති බවද ඔහු කියයි.

මෙම මදුරු විශේෂය ගැන  ගලේවෙල මැලේරියා මර්ධන අංශයේ  මහජන සෞඛ්‍ය පරීක්ෂක රාජා නවරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ ප්‍රමාණයෙන් විශාල මදුරුවන්ගෙන් රෝගයක් බෝවන බව පරීක්ෂණ වලින් හෙළි වී නොමැති නිසා තමන් එය පරීක්ෂා කිරීමට නොගිය බවයි.