අගුණුකොළපෑලැස්ස කෘෂිකර්ම ආයතනයේ භූමි කොටසක ගින්නක්


(චන්ද්‍රසේන ගමගේ)

අගුණුකොළපෑලැස්ස එරමිණීයාය කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ වගා භූමියේ කොටසක් අද සවස ගින්නකට හසුව ඇතැයි අගුණ කොළ පෑලැස්ස පොලිසිය පවසයි.

කෘෂිකර්ම පර්යේෂණ ආයතනය ආසන්නයේ ඇති අස්වැන්න නෙළාගෙන තිබූ කුඹුරකට කිසියම් අයෙකු ගිනි තබා ඇති බවත් එම ගින්න කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ භූමිය දක්වා පැතිර තිබූ බවත් පොලිසිය කියයි.

තංගල්ල නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ ගින්න අද රාත්‍රී අට පමණ වන විට පාලනය කරනු ලැබීය.

ගින්නෙන් කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ අක්කර සියයක පමණ ප්‍රමාණයක් ගින්නට හසුව ඇති බව එහි නිලධාරීහුු පවසති.