අග්‍රාමාත්‍යවරිය - යුරෝපා සංගම් අතර සාකච්ඡාවක්


(යොහාන් භාසුර)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඨීඡ+ අධීක්ෂණ මෙහෙයුමේ කොටසක් ලෙස යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි මහතා අතර හමුවක් අද (6) පැවැත්විණි.

අග්‍රාමාත්‍යවරිය යුරෝපා සංගම් නියෝජිත පිරිස පිළිගත් අතර, විශේෂයෙන් GSP+ රාමුව හරහා යුරෝපා සංගමය සමඟ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම තහවුරු කළාය.

දරිද්‍රතාවය පිටුදැකීම, ඩිජිටල් පරිවර්තනය සහ “ක්ලීන් ශ්‍රී ලංකා” මෙහෙයුම ඇතුළු රජයේ ප්‍රධාන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණ.

සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය සංහිඳියාව ස්ථාපිත කිරීම සඳහා රජයේ අඛණ්ඩ උත්සාහය පිළිබඳව විශේෂයෙන් අවධාරණය කළ අතර මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා නීති සම්පාදනය කිරීම සහ මාර්ගගත ආරක්ෂණ පනත ඇතුළු වත්මන් නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව ද අවදානය යොමු කළාය.