අග්නිදිග විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨ සිසුන් කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට එක්රැස්වී විරෝධතාවයක යෙදී සිටිති.
මේ හේතුවෙන් වෝඩ් පෙදෙස අවට දැඩි රථවාහන තදබදයක්ද ඇතිවී ඇතැයි පොලිසිය කියයි.
සිසුන් 200කට ආසන්න පිරිසක් කොමිසම ඉදිරිපිට වාඩිවී විරෝධය පළ කරති. අග්නිදිග සරසවිය පිහිටා ඇති ප්‍රදේශය ගැටළුකාරී බවත් එම ස්ථානය වෙනස් කරන ලෙස හෝ නැතිනම් ඔවුන් වෙනත් සරසවියකට යොමු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
ඡායාරූප - සිරි මහබෙල්ලන
ඡායාරූප හා වීඩියෝ - ඉෂාන් සංජීව

![campus_picket[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/campus_picket1.jpg)
![campus_picket00[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/campus_picket001.jpg)
![campus_picket02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/campus_picket021.jpg)




