අග්නිදිග සිසුහු යූජීසිය කොටු කරති


අග්නිදිග විශ්ව විද්‍යාලයීය සිසුන්ට ඇති ගැටළුවට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් එම විශ්ව විද්‍යාලයේ සිසුහු සහ දෙමාපියෝ අද (23) කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණ එහි ගේට්ටු අවහිර කර ඇත.

අග්නිදිග විශ්ව විද්‍යාලයට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස හෝ නැතිනම් වෙනත් විශ්ව විද්‍යාලයකට තමන් මාරු කර දෙන ලෙස ඉල්ලමින් පසුගියදාද ඔවුහු වෝඩ් පෙදෙසේ මාර්ගය අවහිර කළහ.

අද රථවාහන ගමනාගමනයට බාධාවක් නැති අතර සිසුහු සහ දෙමව්පියෝ ප්‍රතිපාදන කොමිසමේ ඉදිරිපස හා පිටුපස ගේට්ටු කළු පටිවලින් බැඳ කිසිවකුට එහි ඇතුළුවීමට හෝ පිටවීමට නොදී රැකවල් ලා සිටිති.

උද්ඝෝෂණය පවතින අතරතුර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණි උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති මොහාන් ලාල් ග්‍රේරු සමග ශිෂ්‍ය නියෝජිතයයෝ පිරිසක්  සාකච්ඡාවක් ඇරඹූහ.

1. පීඨයට අලුතින් දේශකවරුන් කිහිප දෙනෙකු ඇතුලත් කිරීම (වැඩිපුර දීමනා සමඟ)

2. පරීක්ෂණාගාර සදහා අලුත් උපකරණ ගෙන්වීමට ඇණවුම් ලබා දීම.

3. පුස්තකාල සඳහා පොත් ඇණවුම් කිරීම

යන ශිෂ්‍ය උද්ඝෝෂණයට හේතු වූ කරුණුද සාකච්ඡා විය.

IMG_6304 IMG_6305 IMG_6281 IMG_6295

ugc_151223(6)

 

 

ugc_151223(5) ugc_151223(3) ugc_151223(2) ugc_151223(3) ugc_151223(4) ugc_151223(5)

විඩියෝ ඉෂාන් සංජිව