අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයින්ගේ ගැටළුවලින් 90% ක්ම මේ වන විට විසඳා ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා පැවසීය.
එහි සිසුන්ට ඉතා තදින් බලපා තිබූ දේශකවරුන්ගේ හිඟය මේ වනවිට විසඳා අවසන්ව ඇති බවත්, ඉදිරියේ දී දේශන නිසි පරිදි පවත්වාගෙන යා හැකි බවත් පැවසූ අමාත්‍යවරයා එහි දේශන පැවැත්වීමට කැමැත්ත පළ කර ඇති ආචාර්ය මහාචාර්යවරුන්ට ඔවුන්ගේ මාසික වැටුපට අමතරව රුපියල් 1,50,000ක මුදලක් ලබාදීමටත් නොමිලයේ ආහාර හා නවාතැන් ලබාදීමටත් කටයුතු යොදා ඇතැයි ද ඔහු සඳහන් කළේය.
එහි සිසුන්ගේ අනෙකුත් ගැටළු වන පුස්තකාලයේ අවශ්‍ය අධ්‍යයන ග‍්‍රන්ථ නොමැතිවීම, නොමිලයේ සැපයූ වයි-ෆයි කලාපය නොමැතිවීම හා ප‍්‍රායෝගික පරීක්‍ෂණ පිළිබඳ ගැටළු ද මේ වන විට විසඳා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා එම ඉංජිනේරු පීඨයේ පවතින අනෙක් ගැටළුවලට ද ඉදිරියේ දී විසඳුම් ලබාදෙන බව පැවසීය.
ගැටළුවලට විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (10) උද්ඝෝෂණයක නිරත වූ අතර, ඉන් පසු ඔවුන් සමග පැවැත් වූ සාකච්ඡාවේ දී ද තමන් මේ කරුණු ඔවුන්ට පැවසූ බව ද රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා කීවේය.

