අගසව් ධාතූ වන්දනාව සාංචියේ


ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි චේතියගිරි විහාරයේ තැන්පත් කර ඇති සාරිපුත්ත මොග්ගල්ලාන අගසව් දෙනමගේ ධාතූ ප්‍රදර්ශනය අද(26) අලුයම සිට ආරම්භ විය.

චේතියගිරි විහාරයේ විශේෂ ගර්භයක තැන්පත් කර ඇති අගසවු ධාතුන් වහන්සේලා , ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති චේතියගිරි විහාරාධිපති හා ජපානයේ ප්‍රධාන සංඝ නායක බානගල උපතිස්ස, විහාරධිකාරි බානගල විමලතිස්ස හිමිවරුද ඇතුළු ශ්‍රී ලංකා, වියට්නාම් ඇතුළු රටවල් රැසක භික්ෂු භික්ෂුයෝද සඳහා විශේෂ මණ්ඩපයක තැන්පත් කළහ.

මධ්‍යම ප්‍රදෙශ් පොලිසියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනුරාධා ශංකර් සිංද පොලිස් නිලධාරියෝද පෙරවරුවේ පැමිණ ධාතූන් වහන්සේලා වන්දනාමාන කර ගත්තාය .

ධාතූ ප්‍රදර්ශනය අද 27 සවස 5 අවසන් වන බවත් සඳුදා (28) අලුයම 6ට නැවත ආරම්භ කරන බවත් ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන දින දෙකෙහිම බෞද්ධ නාට්‍ය හා සංස්කෘතිකාංග  ඇතුළත් නාට්‍ය මධ්‍යම රාත්‍රිය වන තෙක් පැවැත්වෙන බව විහාර ප්‍රකාශකයෙක් කියයි.

ධාතූන වහන්සේ වැඳ පුදා ගැනීමට සාංචියේ පාසල් සිසුහු ඉන්දීය බෞද්ධයෝද, ශ්‍රී ලංකා, වියට්නාම්, තායිලන්ත ආදී රටවල පිරිසක්ද  එක්ව සිටියහ.

477

470

සාරිපුප්ත මහ රහතන් වහන්සේගේ ධාතු වහන්සේ

469

මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ

471 472 473

467

විශේෂ ගර්භයේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේ බානගල උපතිස්ස නා හිිමියන් ඇතුළු භික්ෂූන් වහන්සෙ  විශේෂ මණ්ඩපය වෙත වැඩම කරවන අයුරු

476 475 474

විශේෂ මණ්ඩපයේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේ 

464 465 466

 462 463

461

468

478

චේතියගිරි විහාරය