නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද (27) අනුරාධපුර ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, මිරිසවැටිය, ජයන්ති විහාරය ආදී සිද්ධස්ථානවලට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
මිරිසවැටියේදී ඊතල වැටුණුවැවේ ඥාණතිලක නාහිමි ද, රුවන්වැලි සෑයේදී පල්ලේගම හේමරතන නාහිමි ද, සම්බුද්ධ ජයන්ති විහාරයේදී නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි ද නව අග විනිසුරුට සෙත් පතා ආශිර්වාද කළහ.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැකීමට නියමිතව සිටියේ පෙරවරු 10.30ටය.
පල්ලේගම හේමරතන හිමියන් සෙත්පතමින් අගවිනිසුරුට පැවසුවේ ඉතා භාර දූර කාර්යක්, ඉතා පරිස්සමෙන් සිදු කර සැමට යුක්තිය හා සාධාරණය ඉටු කිරීමේ වගකීම ඔහුට පැවරී ඇති බවයි.

