අගලවත්ත වැවිලි කර්මාන්තායතනයේ සේවක පිරිසක් ඉල්ලීම් 11 ක් මුල්කරගනිමින් අද පෙරවරුවේ කොළඹ 8 බොරැල්ල පිහිටි එහි කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් ඇරඹූහ.
500කට ආසන්න පිරිසක් එහි රැස්ව සිටින අතර විවිධ ඉල්ලීම් රැගත් පුවරු ඔසවමින් එහි විරෝධයේ යෙදී සිටිති.
උද්ඝෝෂණය හේතුවෙන් බොරැල්ල - කොළඹ මාර්ගය වසා දමා ඇතැයි පොලිසිය කියයි.
(ඡායාරූප හා විඩියෝ ළහිරු හර්ෂණ)







