මත්ද්‍රව්‍ය පිටුදැකිමේ කාර්යභාරය යටතේ කතෝලික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් දීප ව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් රටපුරා පුළුල් ලෙස ක්‍රියාත්මක කිරිමට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ජවසම්පන්න ක්‍රියාදාමයක් සකස් කර දුන් බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.
ඒ යටතේ කතෝලික සභාවෙන් පාලනය වන පාසල් කතෝලික දේවස්ථාන කතෝලික සංවිධාන දහම් පාසල් යනාදි සියලු අංශ සමඟ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ජාතික අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය එක්වෙයි.
මෙම කාර්ය සම්බන්ධීකරණයට ඒ සඳහාම වෙන්වු බිෂොප්වරුන් පත්කිරිමටත් අගරදගුරු හිමිපාණෝ කටයුතු යොදා ඇත.
මහජන සම්බන්ධතා සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමති ජෝන් අමරතුංග අමාත්‍යංශයේ ලේකම් ටි.එම්.පී. තෙන්නකෝන් මහත්වරු ඇතුළු ජාතික අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරින් හමුවේ පැවති සාකච්ජාවේදී කාදිනල් තුමෝ මේ අදහස් දැක්වුහ.

