(සුජිත් හේවාජූලිගේ)
අගමැතිවරයාට වෙන් කෙරෙන මුදල් කපා හැරීමේ යෝජනාව හෙට (29) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බව හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ලංකාදීපයට පැවැසීය.
හෙට දිනට නියමිත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ පළමු හා එකම යෝජනාව ලෙස දැක්වනුයේද මේ යෝජනාවයි.
එක්සත් ජාතික පක්ෂයේ නවීන් දිසානායක, රවී කරුණානායක, නාලක කොලොන්නගේ, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි හා චතුර සේනාරත්න යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව මෙම යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ඉකුත් දා භාරදෙනු ලැබිණි.

