(බිඟුන් මේනක ගමගේ )
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක කරු ජයසූරිය මහතාට බාර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කළ ආකාරය ව්‍යවස්ථාවිරෝධී බවත් එනිසා වත්මන් ආණ්ඩුවට ද නීත්‍යනුකූල බලයක් නැති බවත් සඳහන් කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නේ යැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
අගමැතිට එරෙහිව ජවිපෙන් විශ්වාස භංගයක්
Recommended Articles