අගමැතිගෙන් දින 1500ක සැලැස්මක්


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී දින 1500ක ආර්ථික සැලැස්මක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියයි.

එම සැලැස්ම ඔස්සේ ඉදිරි කාලයේදී ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට නියමිත ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිලි කෙරෙනු ඇතැයි ද හේ පැවසීය.

පසුගිය කාලය පුරාවට ආණ්ඩුව යහපත් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි ඔහු කිවේය.