අගමැතිකමට සජිත් : හරීන් යෝජනා කරයි


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස නම යෝජනා කරන බව ඌව පළාත් සභාවට තරඟ කර වැඩිම මනාප ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොළොන්නාවේ එජාප බල මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළේය. ඔහු එසේ කියද්දී සභාවෙන් ඔල්වරසන් හා ප්‍රීති ඝෝෂා මතුවිය.

සංවිධායක හා බස්නාහිර පළාත් මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි. ‘‘පක්ෂයේ ගැටුම් ඉවරයි සියලු දෙනාම දැන් සමගියෙන් ජයග්‍රහණය පතා ඉදිරියටම යාමේ අවස්ථාව උදාවෙලා.” යැයිද ප්‍රනාන්දු මහතා කීවේය.