අගමැතිකමට අකැමැති නැති බව නාවින්න කියයි


ජනතාව අනුමත කරන්නේ නම් අනාගත අගමැතිවරයා වීමට තමාගේ අකැමැත්තක් නැතැයි ජ්‍යෙෂ්ඨ ඇමැති එස්.බී.නාවින්න මහතා කුරුණෑගලදී පැවසීය.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීවේය.

මේ ආණ්ඩුවෙන් ඉවත්ව යාමට මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මටත් යම් යම් ප්‍රශ්න තියෙනවා තමයි. මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළා. මම මේ ආණ්ඩුවේ තනතුරු රැසක් දරා තිබෙනවා. මට ඔය ඇමතිකම් එච්චර දෙයක් නෙමෙයි.