අගමැති හෙට රට යයි



 
(අංජුල මහික වීරරත්න)
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සත් දින නිල සංචාරයක් සඳහා බදාදා (3) පෙරවරුවේ නෝර්වේ සහ ලන්ඩන් බලා පිටත්ව යාමට නියමිතය.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේ දී නෝර්වේ රාජ්‍යය අග්‍රාමාත්‍ය අර්නා සෝල්බර්ග්, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෲන් , එරට විදේශ ඇමැතිනී ඉනෙ එරික්සන් යන මහත්ම මහත්මීන් ඇතුළු ඉහළ පෙළේ නායක නායිකාවන් හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.


අග්‍රාමාත්‍යවරයාගේ නෝර්වේ සහ ලන්ඩන් සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ හේෂා විතානගේ මහත්වරු ද සහභාගී වෙති.


නෝර්වේ සංචාරයෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවර සංචාරයක ද නිරතවීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.