එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ දෙනවාද නැද්ද යන පාර්ලිමේන්තු විවාදයෙන් දිමු ජයරත්න අගමැතිවරයා මින් මද වේලාවකට පෙර නැගිට ගියේය.
අගමැතිවරයා කතා කිරීමට නැඟී සිටියේ දෙමළ ජාතික සන්ධානයේ එස් විනයාගමූර්ති මන්ත්‍රීවරයාගේ කතාවේ අවසානයේය.
ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා ද නැගී සිටියේය.
තමා පළමුව නැඟිට සිටි හෙයින් එය තමාගේ වාරය බව අගමැති මූලාසනයට දැන්වීය.
තමාට කතාව නුදුනහොත් සභාවෙන් පිටවී යන බව ද අගමැති කීවේය.
එය අගමැතිගේ වාරය බව එක්සත් ජාතික පක්ෂයේ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා ද පැවසීය.
එහෙත් මූලාසනයේ සිටි නියෝජ්‍ය කාරක සභාපති චන්ද්‍රකුමාර මුරුගේසු මන්ත්‍රීවරයා ඊළඟ කථිකයා ලෙස හඳුනා ගත්තේ ඩග්ලස් දේවානන්ද ඇමැතිවරයාය.
ඒ සමඟම අගමැති නැඟිට ගියේය.

