(අංජුල මහික වීරරත්න)
පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් ස්ථාවරය තමන් දිවයිනට පැමිණෙන විට විමසා දැනගෙන සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට උපදෙස් දී ඇත.
අගමැති මේ උපදෙස් දී ඇත්තේ කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, අකිල විරාජ් කාරියවසම් සහ මංගල සමරවීර යන අමාත්‍යවරුන්ටයි.
කුමන තත්ත්වයක් යටතේ වුවද පළාත් සභා ඡන්දය කල් දැමීමට තමන් සූදානම් නැති හෙයින් නව ක්‍රමය හෝ පැරණි මනාප ක්‍රමය යටතේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුය යන දැඩි ස්ථාවරයේ සිටින බැවින් ඊට අදාළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවසන් ස්ථාවරය කඩිනමින් දැනගත යුතුව තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දුන් උපදෙස්වල සඳහන්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා කර පළාත් සභා ඡන්දය පැවැත්වෙන ක්‍රමවේදය බදාදා (10) වනවිට දැනගැනීමට හැකිවෙතියි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.