නියඟයෙන් පීඩාවට පත්ව තිබෙන දිස්ත්‍රික්කවල සහන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීම සම්බන්ධයෙන් යෝජනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද නමුත් එම යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කැබිනට් මණ්ඩලය විසින් පසුවට කල් තැබිණි.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතීත්වය දරන කමිටුව සමඟද තවදුරටත් සාකච්ඡා කළ යුතු බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබිණි.
රටේ පවතින දරුණු නියං තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වන බව කැබිනට් මණ්ඩලයේදී සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ඉක්මනින් රටට එක්සත් ජාතීන්ගේ, ආසියානු සංවර්ධන බැංකුවේ සහ ලෝක බැංකුවේ සහාය අවශ්‍ය වන බවද කීවේය. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නේවාසික නියෝජිත ඌනා මැකෝලි මහත්මිය සාකච්ඡාවක් සඳහා ආණ්ඩුවේ නියෝජිතයන්ට ආරාධනා කර තිබේ.
දශක හතකරට පසුව ඇති තිබෙන දරුණු නියං තත්ත්වය නිසා ත්‍රිකුණාමලය, ගම්පහ, හම්බන්තොට, මොණරාගල, අනුරාධපුර, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම සහ මහනුවර යන දිස්ත්‍රික්කවල 493,556කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉකුත් දා වාර්තා කළේය.

