අගමැති බ්‍රහස්පතින්දා හොංකොං යයි


පහළොස්වැනි ජර්මානු ව්‍යාපාර සදහා වූ ආසියා -ශාන්තිකර සමුළුවට සහභාගී වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (03) හොංකොං බලා පිටත්ව යන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ආසියා ශාන්තිකර කලාපීය ව්‍යවසායකයින් සහ ජර්මානු ව්‍යවසායකයින් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අරමුණෙන් පැවැත්වෙන මෙම සමුළුව හොංකොං ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  3 වැනිදා සිටි 5 වැනිදා තෙක් පැවැත්වෙන අතර ඊට එම කලාපයන්හි ප්‍රමුඛ නීති සම්පාදකයින් ,විද්වතුන් ,ව්‍යවසායකයින් ඊට සහභාගී වෙති.

අග්‍රාමාත්‍යවරයා සමග මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ,සංවර්ධණ උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම ,අග්‍රාමත්‍ය ලේකම් සමන් ඒකනායක ,චීනයේ ශ්‍රී ලංකා තානපති ආචාර්ය කරැණාසේන කොඩිතුවක්කු ,අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහුද මීට එක්වෙති.