අගමැති පුතා මහජනතාවට ස්තුති කරයි


ජනතා සේවකයකු ලෙස අනාගතයේදී සියලු ජනවර්ඝවලට අවශ්‍ය වන යටිතල පහසුකම් සංවර්ධන හා අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, ජල සම්පාදන, විදුලිබල, කෘෂිකර්මාන්තය නැංවීම, තොරතුරු තාක්ෂණ පහසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහි වැඩි අවධානය යොමු කරන බව මධ්‍යම පළාත් සභාවට සංධානයෙන් තේරීපත් වූ නීතීඥ අනුරාධ ජයරත්න මහතා කියයි.

ඔහු අගමැති දි මු ජයරත්න මහතාගේ පුත්‍රයාය.

‘මෙවර මැතිවරණයේදී මා හට නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට මාගේ ගෞරවය පුද කරමි. එමෙන්ම විපක්ෂ කුමන්ත්‍රණ හමුවේ නොබියව ඡන්දය ප්‍රකාශ කළ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට මාගේ ස්තුතිය පළ කරමි.

මහනුවර දිස්ත්‍රික්කයේ ‘සතුටයි-නිදහසයි‘ රජවී ඇත.‘

 ජනතාවට අවශ්‍ය ආර්ථිකමය ශක්තිය ලබා දීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද සියලු දෙනාට සුබ අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරන බව ද ඔහු කියයි.