පැරිස් නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට ජීවිත අහිමිවූවන් වෙනුවෙන් හා එම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් සියලු වැසියන් වෙනුවෙන් සිය කනගාටුව පළ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ අගමැති මැනුවෙල් වොල්ස්ට ලිපියක් යවයි.
ප්‍රංශ ජනතාව ශෝකයට පත් මේ මොහොතේ ලක් රජය සහ ජනතාව ඔවුන් සමග සිටින බව අගමැතිවරයා යැවූ ලිපියේ සඳහන්ය.
පැරිස් ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැතිවරයා විදේශ ඇමැති මංගල සමරවීර මහතා සමග සාකච්ඡා කර ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිද සම්බන්ධ කරගනිමින් පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන්ද විමසා බැලූ බව අගමැති කාර්යාල ආරංචි කියයි.

