ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ තිරුපති අසල සුප්‍රසිද්ධ වෙන්කතේස්වර කෝවිලට සිය පවුලේ සාමාජිකයන් හා නිලධරයින් සමඟ ගිය අගමැති දිමු ජයරත්න මහතා උණුසුම් ලෙස පිළිගැනිණි.
කෝවිලේ පුජකවරු දේව වස්ත්‍රයක් පොරවා අගමැතිට ගෞරව දැක්වුහ.
මිනිත්තු දහයක් තිස්සේ අගමැති වන්දනාමාන කළේය.
අගමැති නතරවී සිටි පද්මාවතී නිවහන වඩා ආරක්ෂාව තර කැර තිබිණි.
විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සැලකෙන වෙන්කතේස්වර දෙවියන් වැඳපුදා ගැනීමට දිනකට පනස්දහසකටත් ලක්ෂයකටත් අධික පිරිසක් මෙම හින්දු දෙවොලට එති.


