අගමැති අද ජාතිය අමතයි


(අජන්ත කුමාර අගලකඩ)

රටේ ඇතිවී තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා  අද (11)රාත්‍රියේ ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට නියමිතය.

රට බරපතළ අර්බුදකාරී තත්වයකට පැමිණ ඇති බැවින් , ජාතිය අමතා ප්‍රකාශයක් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසුගිය සතියේ ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව ,අගමැතිවරයා අද රාත්‍රියේ මෙම විශේෂ ප්‍රකාශය කරනු ඇතැයි දැනගන්නට ඇත.