අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා අඟහරුවාදා (04) ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණීමට නියමිතය.
නවදිල්ලි නුවරදී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගීවීම සදහා අග්‍රාමාත්‍යවරයා මෙලෙස ඉන්දියාවේ නිල සංචාරයක නිරත වේ.
මේ අතර ලබන බදාදා (05) දිනයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡාවක නිරතවීමට නියමිතය. මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය සමඟ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත දිවාභෝජන සංග්‍රහයක්ද සංවිධාන කර ඇති බව නවදිල්ලි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.