මොහාන් පීරිස් අග විනිසුරුගේ පත්වීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යෙසෝති සරවණමුත්ත මහතා විසින් ගොනු කළ පෙත්සම අග විනිසුරු හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන්නැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා කළ ඉල්ලීම පිළිබඳ තීරණය මාර්තු 5 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ශිරාණි තිලකවර්ධන, එස්.අයි ඉමාම්, ප්‍රියසාද් ඩෙප් යන ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ පෙත්සම විභාගයට ගැනුණි.
මොහාන් පීරිස් මහතාගේ පත්වීමට එරෙහිව පෙත්සම ගොනු කර ඇති හෙයින් ඔහු හැර සෙසු විනිසුරුවරුන් දස දෙනා මෙම පෙත්සම විභාග කිරීමට පත් කරන්නැයි නීතිඥ සුමන්තිරන් මහතා කරුණු දැක්වීය. ඒ සඳහා ආණුඩුක්‍රම ව්‍යාවස්ථාවේ ප්‍රතිපාදන ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටරි ජනරාල් ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විනිසුරුවරුන් නම් කිරීමේ බලය අග විනිසරුට ඇති හෙයින් මෙම පෙත්සම විභාග කිරීමේ විනිසුරන් නම් කිරීමේ බලය ද ඔහු සතු වන බවයි. නීතිඥ සුමන්තිරන් මහතා ඊට විරුද්ධ විය.