අග විනිසුරුගෙන් පැමිණිල්ලක්


කොළඹ 7 විජේරාම පාරේ අග විනිසුරු නිල නිවසට ඊයේ (27) රාත්‍රියේ අනවසරයෙන් ඇතුළු වී අග විනිසුරු මොහාන් පීරිස් මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා ඇතුළු පිරිසක් ගැන පරීක්ෂණ ආරම්භ කොට ඇති බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

කිසියම් පිරිසක් සිය නිවසට පැමිණ තමන්ට බලපෑම් කරන බවට අග විනිසුරු කළ දැනුම්දීමක් මත පොලිස් කණ්ඩායමක් නිල නිවසට ගොස් අග විනිසුරුගේ පැමිණිල්ල සටහන් කරගත් බවත් කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර දෙල්ගහපිටිය මහතා පරීක්ෂණ පවත්වයි.