අග විනිසුරු සිරිමා බෝධියට පියුම් පුදයි


අග  විනිසුරු මොහාන් පීරිස් මහතා අනුරාධපුර විනිසුරුවරුන් ද සමග අනුරාධපුර අටමස්ථානයට ගොස් අටමස්ථානාධිපති නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන, ශ්‍රී මහා බෝධියට සුදු හා රතු නෙළුම් පුදා බෝසමිඳුන්ගේ ආශිර්වාද ද ලබා ගත්තේය.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් පැවසුවේ නඩු ප්‍රමාදයට විසඳුමක් අවශ්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි අග විනිසුරු ප්‍රකාශ කළේය.

අනුරාධපුර පළාත් බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක, සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, දිසා විනිසුරු ලක්මාලී හේවාවසම් මෙනෙවිය, ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය, අතිරේක මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න, අතිරේක මහේස්ත්‍රාත් හා කම්කරු විනිශ්චය සභාවේ සභාපති අරෝෂ තෙන්නකෝන් මහත්වරු ද අග විනිසුරු සමග ශ්‍රී මහා බෝධියට ගියහ.