අග විනිසුරු සමුළුවට නෑ


ශ්‍රී ලංකාවේ නීතිපති ධූරය පිහිටුවා වසර 130 පිරීම නිමිත්තෙන් අද (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති දකුණු, නැගෙනහිර හා අග්නිදිග ආසියා රටවල නීතිපතිවරුන්ගේ සමුළුව සඳහා අග විනිසුරු මොහාන් පීරිස් මහතා සහභාගී වී නොසිටියේය.

මීට පෙර සඳහන් වූයේ අග විනිසුරුවරයාට ආරාධනයක් යවා තිබූ බවයි. එහෙත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අග විනිසුරු මෙම උත්සවයට සහභාගී වීමට විරෝධය පළ කර ප්‍රකාශ නිකුත් කර තිබිණි.

මේ නිසා අග විනිසුරු මෙම උත්සවයට සහභාගී නොවන්නේ නම් ‍තමන් සතුටට පත්වන බවට නීතිපති යුවන්ජන් විජයතිලක මහතාද නිවේදනයක් නිකුත් කළේය.

ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී මහ රෑ අග විනිසුරු ජනපති නිල නිවස වන අරලිය ගහ මන්දිරයට ගොස් සිටියදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හමුවිය.