පදවියෙන් ඉවත්වන ලෙස බලපෑම්වලට මුහුණ පා සිටින අග විනිසුරු මොහාන් පීරිස් මහතා අද(26) අංක 502 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ ශාලාවේ සිය නිල කාමරයේදී දෛනික රාජකාරීවල නිරත විය.
ඊවා වනසුන්දර අග විනිසුරු සමග රාජකාරියට එක්ව සිටියාය. එහෙත් විනිසුරු සිසිර ඩී. ආබෲ පැමිණ සිටියේ නැත. අග විනිසුරු සුපුරුදු පරිදි දෛනික නඩු ලේඛන ආදිය පරීක්ෂා කරමින් රාජකාරියේ යෙදී සිටියේය.

