අග විනිසුරු මොහාන් පීරිස් ඉවත්වන තුරු හෙට (28) සිට අලුත්කඩේ උසාවි සංකීර්ණයේ උද්ඝෝෂණය කරන බව නීතිඥ සංගම් කියයි. ඒ සඳහා මහජනයාද කැඳවා ඇතැයි ඔවුහු කියති.
මාදුළුවාවේ සෝභිත හිමියන්ද මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ජනපතිවරණ ප්‍රතිඵල නිකුත්වන අවස්ථාවේ අග විනිසුරුවරයා අරලිය ගහ මන්දිරයේ සිටි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැවසූ බවත් එය අග විනිසුරුවරයාගේ නිලයට නොගැලපෙන්නක් බවත් ඒ හේතුවෙන් ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ය.

