අඛණ්ඩ ජල සැපයුමට බාධා


(සුජිත් හේවාජුලිගේ )

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අඛණ්ඩව ජලය සැපයීමට බාධා මතුව ඇතැයි  ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි.

මේ තත්ත්වය මතුවී ඇත්තේ දෛනික ජල සැපයුම ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් බව පැවසේ.

ඇතැම් ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබාදීම හෝ සීමා කිරීමට මෙනිසා සිදුව ඇති බව මණ්ඩලයේ  ප්‍රකාශකයෙක්  කීය.