අකුරට වැඩකරන දුම්රිය රියදුරන්ට අලව්වේදී හිරිහැර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රිය මඟියකුට හොදටම පහරදී ඔහු පොලීසිය භාර දී ඇතැයි සිද්ධිය දුටු දුම්රිය මඟිහු කියති.
නිල්පාට ඇඳුමකින් සැරසී සිටි පහළොවක් විස්සක් පමණ එම තරුණයාට පහර දී ඇතැයි සිද්ධිය සියැසින් දුටු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙක් කියයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල් පාට නිල ඇඳුම අඳිනුයේ දුමිරිය රියදුරෝය.
අකුරට වැඩකරන දුම්රිය රියදුරන්ට අලව්වේදී හිරිහැර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රිය මඟියකුට හොදටම පහරදී ඔහු පොලීසිය භාර දී ඇතැයි සිද්ධිය දුටු දුම්රිය මඟිහු කියති.
මහව කාර්යාල දුම්රිය නියමිත වේලාට නොපැමිනෙන්නේ ඇයි දැයි දුම්රිය රියදුරන්ගෙන් විමසීමට මගීන් පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී සුදානම් වු අවස්ථාවේදී තමන් දුම්රියට නංවා නොගෙන දුම්රිය ගිය බවත් එම මඟින් පිරිස පිටුපසින් පැමිණි වෙනත් දුම්රියක නැගී අලව්වේදී නැඟ නැවත එම දුම්රිය නවතා ඇත.
එහිදී ඇති වු කලබලයෙන් පසු දුම්රිය තවත් පැය හතරක් පමණ ප්‍රමාද වු බව මඟීහු පවසති.පසුව එහි පැමිණි පොලීසිය හා දුම්රිය නිලධයෝ තත්ත්වය සමථයකට පත් කළහ.
එම සිදු වීමෙන් පසුව දුම්රිය මරදාන දුම්රිය පොළට පැමිණෙද්දී නිල්පාට ඇඳුමකින් සැරසී එහි සිටි පහළොවක් විස්සක් පමණ පිරිසක් ‘අන්න අරූ එනවා’ යැයි පවසමින් එක් තරුණයකු අල්ලාගෙන ‘අපේ කට්ටියට ගහන්නේ කොහොමද?’ යනුවෙන් පවසමින් බිම
වැටෙන තුරු හොඳටම පහර දුන් බවත් පසුව පොලීසියට භාර දුන් බවත් සිද්ධිය ඇසින් දුටු දුටු මාධ්‍යවේදියකු ද පැවසීය.

