බලපත්‍ර නොමැතිව අකුරණ කුරුගොඩ හොරෙන් පවත්වා ගෙන ගිය මස් මඩුවක් වටලා ගවයන් 10 දෙනකු සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි. තවත් සැකකරුවන් තිදෙනකු පලා ගොස් ඇත.
ගවයකුගේ සිරුරේ කොටස් හා මස් කිලෝ 140 ට වඩා සොයා ගත් බවත් පොලිසිය කියයි.

