අකුරණ ප්‍රාදේශීය සභාවේ ලේකම්ට එහි උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර මහතා බැන තර්ජනය කළ බව කියන සිද්ධියකට විරෝධය දක්වමින් සභාවේ සේවකයෝ වැඩ වැරූහ.
කොන්ත්‍රාත්කරුවනට ගෙවිය යුතු චෙක්පතක් ගැන උප සභාපති තමාට තදබල ලෙස බැන තර්ජනය කළ බව ලේකම් අලවතුගොඩ පොලීසියට පැමිණිලි කර තිබේ.
උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර මහතා පැවසුවේ සභාවේ කොන්ත්‍රාත් කරුවනට 2012 දෙසැම්බර 31 වැනිදාට ගෙවිය යුතු මුදල් තවමත් නොගෙවීම පිළිබඳව තමා විමැසූ බවයි.