අකුරණ ජාතික පාසලට අතුරු තහනමක්


අකුරණ අස්හර් ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ රැස්වීම් කැඳවීම, ඒ සදහා සභාපතිවරයා ඇතුළු නව නිලධාරී මණ්ඩලය පත් කිරීම සහ දැනට සභාපති ධුරය දරණ පැමිණිලිකරු ඉවත් කිරීම තහනම් කරමින් මහනුවර දිසා අධිකරණය අකුරණ ජාතික පාසැලේ විදුහල්පතිවරයාට අතුරු  තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අකුරණ වරාගස්හින්නේ පදිංචි මොහමඩ් ජමාල්දීන් මොහමඩ් ෆයිසාල් යන අය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලූ  මහනුවර අතිරේක දිසා විනිසුරු නාමල් පෙරේරා මහතා මෙම තහනම් නියෝගය විදුහල්පති එම්.එස්.එම්.ඉක්බාල් මහතා වෙත නිකුත් කළේය.