අකුණෙන් ගෙවල් 15ට හානි


බලංගොඩ ඉඹුල්පේ දෙල්ගාවත් ගමට අකුණුසැර වැදීමෙන් ගමේ පන්සලේ ද නිවාස 15ක ද විදුලි පද්ධති පිලිස්සී රූපවාහිනී, ගුවන්විදුලි යන්ත්‍ර, ශීතකරණ ඇතුළු විදුලි උපකරණ වලට හානි සිදුව ඇතැයි කියති. මේ ගමට නිතර නිතර අකුණු වදිතැයි විහාරාධිපති ගැටඅරළුවේ සංඝරතන හිමියෝ කියති.